නවතම පුවත්

වැඩි මිලට ගෑස් මිලදී ගැනීම ගැන පරීක්ෂණයක්!

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

සියාම් ගෑස් සමාගමෙන් අඩු මිලට ගෑස් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබූ ටෙන්ඩරය අහෝසි කර ඕමාන සමාගමකින් ගෑස් මෙටි්‍රක් ටොන් ලක්ෂයක් වැඩි මිලට ලබාගැනීම සම්බන්ධයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුව හරහා පරීක්ෂණයක් සිදුකරන ලෙස කෝප් කමිටුව නිර්දේශ කර තිබෙනවා.

මෙම නිර්දේශය ලබාදී ඇත්තේ මීට පෙර පැවැති කෝප් කමිටුවේදී ලබාදුන් නියෝග ක්‍රියාවට නැංවීම සහ වත්මන් කාර්යය සාධනය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම, ලිට්‍රෝ ගෑස් ටර්මිනල් ලංකා පුද්ගලික සමාගම සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, කෝප් කමිටුව හමුවට කැඳවා තිබූ අවස්ථාවේදීයි.

පසුගිය පෙබරවාරි මාසය වනවිට ගෑස් මිලදී ගැනීම සඳහා තිබූ වාර ටෙන්ඩරය අවසන් වූ බැවින් ගෑස් මෙටි්‍රක් ටොන් දෙලක්ෂ 80,000 ක් සඳහා ටෙන්ඩර් කැඳවූ බවත්, ගෑස් සැපයුම්කරුවන් තිදෙනෙක් ඒ සඳහා ලන්සු ඉදිරිපත් කර ඇති බවත් කමිටුව හමුවේ අනාවරණ වුණා. එහිදී සියාම් ගෑස් සමාගම ගෑස් ටොන් 01 ක් සඳහා නැව් ගාස්තු වශයෙන් අමෙරිකානු ඩොලර් 96 බැගින් අවම මිල ඉදිරිපත් කර තිබූ බැවින් එම සාමගමට අදාළ ටෙන්ඩරය ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

එහෙත් ඇතිවූ ආර්ථික අර්බුදය හේතුවෙන් ලන්සු කැඳවීමේදී දන්වා සිටි කොන්දේසි අනුව පොරොත්තු ණයවර ලිපියක් ලිට්‍රෝ ආයතනයට ඉදිරිපත් කිරීමට මෙරට බැංකුවලට නොහැකිවීම නිසා සියාම් සමාගම හරහා ගෑස් ලබාගැනීමට නොහැකි වූ බව ලිට්‍රෝ සමාගමේ නිලධාරීන් කමිටුව හමුවේ ප්‍රකාශ කළා.

ඒ සම්බන්ධයෙන් අදාළ සමාගම සමග සාකච්ඡා පැවැත්වුවද ටෙන්ඩර් කැඳවීමේදී ඉදිරිපත් කළ කොන්දේසි අනුව පොරොත්තු ණයවර ලිපියක් නොමැතිව ගෑස් සැපයීමට එම සමාගම අකමැත්ත පළ කළ බව ද ලිට්‍රෝ නිලධාරීන් එහිදී කියා සිටියා.

මෙම ප්‍රමාදය නිසා සියාම් සමාගමෙන්ම තාවකාලික විසඳුමක් වශයෙන් සති 02 කට අවශ්‍ය ගෑස් මෙට්ට්‍රික් ටොන් 15,000 ක් ලබාගැනීමට සාකච්ඡා කළ ද, ඔවුන්ට සැපයිය හැක්කේ මෙට්ට්‍රික් ටොන් 6600 ක් බවයි එහිදී ප්‍රකාශ වී ඇත්තේ.

කෙසේවෙතත් වාර ටෙන්ඩරය සඳහා අමෙරිකානු ඩොලර් 129 කට මිල ගණන් එවා තිබූ ඕමාන සමාගම මසකට ගෑස් මෙට්ට්‍රික් ටොන් 2500 බැගින් මෙට්ට්‍රික් ටොන් ලක්ෂය බැගින් මාස 04 ක් ලබාදීමට එකගත්වය පළ කළ බවයි ලිට්‍රෝ සමාගමේ නියෝජිතයින් එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි