ප්‍රචණ්ඩත්වය එපා , ජනතාව සෑහීමකට පත්වන විසඳුමකට එන්න – ඇමෙරිකාව

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ලාංකික ජනතාවට සෑහීමකට පත් විය හැකි දිගු කාලීන ආර්ථික සහ දේශපාලනික විසඳුම් ළඟා කර ගැනීම සඳහා ඉක්මණින් කටයුතු කරන ලෙස ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටී.

එක් දේශපාලන පක්ෂයක අභිවෘද්ධිය සඳහා නොව ශ්‍රී ලංකාවේ අභිවෘද්ධිය සඳහා මේ අවස්ථාවේ කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටින බව ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසුවේය.

ශ්‍රී ලාංකික ජනතාවට සෑහීමකට පත්විය හැකි දිගු කාලීන ආර්ථික ස්ථාවරත්වයක් ළඟා කර ගත හැකි විසඳුම් ඉක්මණින් හඳුනා ගනිමින් ක්‍රියාත්මක කරන ලෙස මෙම රජයෙන් හෝ ව්‍යවස්ථානුකූලව පත්වන නව රජයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය ඉල්ලා සිටින බව එම ප්‍රකාශයේ සඳහන් වේ.

ඇමෙරිකා එකසත් ජනපදය විරෝධතාකරුවන්ට සහ මාධ්‍යවේදීන්ට පහර දීම පිළිබඳ අප්‍රසාදය පළ කළ අතර සෙනසුරාදා විරෝධතාවයේදී ඇති වූ ප්‍රචණ්ඩත්වය විවේචනය කළේය.