ජනපති මන්දිරයෙන් ලැබුණු මුදල් ගැන හෙට උසාවියට කියයි

Picture of අසංක

අසංක

ජනාධිපති මන්දිරය ඊයේ ඇරගලකරුවන් විසින් අත්පත් කරගත් අවස්ථාවේදී එහි අල්මාරියක් තුළ තිබී හමුවූ රුපියල් එක් කෝටි හැත්තෑ අට ලක්ෂ පනස් දහසක (17,850,000ක) මුදල සම්බන්ධයෙන් හෙට (11) අධිකරණය දැනුවත් කිරීමට නියමිත බව පොලිසිය පවසයි.

එම මුදල් ජනාධිපති මන්දිරය තුළ තිබී අරගලකරුවන් ට හමුවී තිබූ අතර පසුව ඔවුන් ඒ පිළිබඳව පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරියෙකුට දැනුම් දී ඇත.

ඒ සම්බන්ධව කොළඹ මධ්‍යම කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාව දැනුවත් කිරීමෙන් පසුව කොටුව පොලිස් ස්ථානයට යොමු කර තිබුණි.

එහි ස්ථානාධිපති විසින් සිවිල් පුරවැසියන්ගෙන් නිසි පරිදි එම මුදල් භාර ගෙන රැගෙන විත් දැනට එම මුදල් පොලිස් ස්ථානය භාරයේ තබා ඇති බවයි පොලීසිය පවසයි.