ඉන්දීය හමුදා සෙබළුන් ශ්‍රී ලංකාවට ඒවිද ?

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඉන්දියාව හමුදා සෙබළුන් ශ්‍රී ලංකාවට එවන බවට ඇතැම් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන වාර්තා මහ කොමසාරිස් කාර්යාලය තරයේ ප්‍රතික්ෂේප කරයි. මෙම වාර්තා සහ එවන් අදහස් ඉන්දියානු රජයේ ස්ථාවරය නොවන බව එම කාර්යාලය නිකුත් කල නිවේදනයක දැක්වේ

ඉන්දියාව සෞභාග්‍යය සහ ප්‍රගතිය උදෙසා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රම සහ වටිනාකම්, ස්ථාපිත ආයතනයන් සහ ව්‍යවස්ථාමය රාමුව හරහා තම අභිලාෂයන් සාක්ෂාත් කර ගැනීමට ප්‍රයත්න දරන ශ්‍රී ලාංකික ජනතාව සමඟ සිටින බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක ඊයේ දින පැහැදිලිව ප්‍රකාශ කළ බවද එම නිවේදනයේ දැක්වේ .