අපෙන් කවුරුවත් අල්ලස් ඉල්ලුවේ නැහැ – ජපාන සමාගම කියයි !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

හිටපු වරාය හා ගුවන්සේවා අමාත්‍යවරයා ජපානයේ ටායිසේ (taisei ) සමාගමෙන් අල්ලස් මුදලක් ඉල්ලා සිටි බවට පලවන වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බව එම සමාගමේ සාමාන්‍යධිකාරී මසකාසු සෝටා මහතා අවධාරණය කර සිටී .

නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා හෝ වෙනත් කිසිදු අමාත්‍යවරයෙකු තම සමාගමෙන් අල්ලස් මුදලක් ඉල්ලා නොසිටි බව ඒ මහතා මාධ්‍ය වෙත සඳහන් කර ඇත ,

ඒ අනුව නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා තම සමාගමෙන් අල්ලසක් ඉල්ලු බවට සිදුකර ඇති ප්‍රකාශයන් , සාවද්‍ය වන අතර , ඒ පිළිබඳව තම සමාගමේ දැඩි විරෝධය පලකරන බවද සෝටා මහතා මෙහිදී සඳහන් කර ඇත .

මෙවැනි සාවද්‍ය ප්‍රකාශයන් ගැන අතිශය කනගාටුවට පත්වන බවද , ටායිසේ සමාගම වෙනුවෙන් අදහස් දක්වමින් සෝටා මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත ,

මෙරට කටුනායක ගුවන්තොටුපල පුළුල් කිරීමේ ව්‍යාපෘතියේ ප්‍රධාන කොන්ත්‍රාත්කරුවා ලෙස කටයුතු කරන ටායිසේ සමාගමෙන් , අමාත්‍යවරයෙකු අල්ලස් ඉල්ලා ඇති බවට මෙරට සමාජ මාධ්‍ය තුල තොරතුරු වාර්තා වූ අතර , ඒ පිළිබඳව විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද පසුව පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය .

ඒ අනුව එවකට වරාය හා ගුවන්සේවා අමාත්‍යවරයා ලෙස කටයුතු කල නිමල් සිරිපාලද ද සිල්වා මහතා වෙත ඇඟිල්ල දිගුවූ අතර එහිදී අදාළ චෝදනාව සම්භන්ධයෙන් පරීක්ෂණයක් කිරීමට ජනපතිවරයාට අවස්තාව ලබාදෙමින් , අමාත්‍යවරයා තම ධූරයෙන් තාවකාලිකව ඉල්ලා අස්විය .