නවතම පුවත්

ඉන්ධන ගන්න ලියාපදිංචි වන්නේ මෙහෙමයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ජාතික ඉන්ධන ලබාදීමේ ක්‍රමවේදය සඳහා ලියාපදිංචි විය හැකි වෙබ් අඩවිය තව සුළු මොහොතකින් පහත සඳහන් සක්‍රිය කෙරේ.

වෙබ් අඩවිය : http://fuelpass.gov.lk

මෙම ක්‍රමවේදය හරහා ලියාපදිංචි වීමෙන් පසු සිපෙට්කෝ සහ ලංකා IOC පිරවුම්හල් මගින් සතිපතා වාහන සඳහා අවශ්‍ය ඉන්ධන කෝටාවක් නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවයි බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කර සිටියේ.

මෙම ලියාපදිංචි වීමේදී වාහන දෙකක් ඇති පුද්ගලයෙකුට තමාගේ නිවසේ සිටින තවත් පුද්ගලයෙකුගේ ජාතික හැඳුනුම්පතට, විදෙස් ගමන් බලපත්‍රයට හෝ ව්‍යාපාර ලියාපදිංචි සහතිකය යටතේ එක්විය හැක.

මෙහිදී වාහන අංකය සහ චැසි අංකය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් සහතික කිරීමෙන් පසුව QR සහතිකයක් නිකුත් කරනු ලබන අතර ඉන්ධන ලබා ගැනීමේදී මෙම QR සංඛේතය ඉදිරිපත් කළ යුතු බවයි අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.

මෙම ක්‍රමවේදය යටතේ ඉන්ධන බෙදා හැරීමට තවත් දින කිහිපයක් ගතවන බවත් එහිදී වාහන සඳහා සතිපතා ලබා දෙනු ලබන ඉන්ධන කෝටා ප්‍රමාණය දැනුම් දෙන බවයි බලශක්ති අමාත්‍යවරයා කියා සිටියේ.

අද දිනයේදී පැමිණි ඩීසල් නෞකාව සහ අද සවස පැමිණීමට නියමිත ඩීසල් නෞකාවේ ත්ත්ත්ව පරික්ෂා කිරීමෙන් පසුව ගොඩබෑමේ කටයුතු ආරම්භ කරනු ලබන බවයි අමාත්‍යවරයා සඳහන් කර සිටියේ. එමෙන්ම මෙම මස 18-19 යන දිනයන් හිදී පෙට්ට්‍රල් රැගත් නෞකාවක් මෙරටට ලඟා වීමට නියමිත බව පැවසූ අමාත්‍යවරයා සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් යටතේ ඉන්ධන නිකුත් කිරීමේ දිනයක් මෙතෙක් තීරණය කර නොමැති බවද සඳහන් කර සිටියා.

ඉන්ධන සැපයීමේ ජාතික ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට සමගාමීව වාහන ලියාපදිංචි අංකයේ අවසන් අංකයට අනුව ඉන්ධන නිකුත් කිරීමේ ක්‍රමවේදය ද ක්‍රියාත්මක වන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

ඒ අනුව වාහන ලියාපදිංචි අංකයේ අවසන් අංකය අනුව ඉන්ධන ලබා දෙන දිනයන් පහත පරිදි වේ :

0,1 සහ 2 සඳහා සඳුදා සහ බ්‍රහස්පතින්දා.
3,4 සහ 5 සඳහා අඟහරුවාදා, සිකුරාදා.
6,7,8, සහ 9 සඳහා බදාදා, සෙනසුරාදා සහ ඉරිදා.

මෙම ඉන්ධන නිකුත් කිරීමේ දී රටේ පවතින ඉන්ධන සංචිත අනුව කෝටා ක්‍රමය වෙනස් විමට ද ඉඩ පවතින බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා