ගාලු මුවදොර ක්රියාත්මක ගෝඨාගෝගම ජනතා අරගලයට අදට දින 100ක් සපිරේ.
ඒ, ජයග්රහණ රැසක් සමගිනි.
අරගලය වෙනුවෙන් දිවි පිදූ පුද්ගලයින් සිහිපත් කරමින් ඉටි පහන් දල්වා ඊයේ (16) රාත්රියේ සැමරුමක් ද පැවැත්විය.
ඒ, අරගලකරුවන්, සිවිල් ක්රියාකාරීන්, වෘත්තිය සමිති නායකයින් ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙනි.
දින 92 ක් සැපිරුණ මහනුවර ගෝඨාගෝගම පරිශ්රය ඊයේ (16) රනිලාගෝගම ලෙස නම් කෙරිණි.
ඔවුන් අවධාරණය කළේ, වැඩබලන ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ධුරයෙන් ඉවත් වන තෙක් එය ක්රියාත්මක බවයි.
මේ අතර මාතර රෝහල ඉදිරිපිට ක්රියාත්මක ‘පැන්නුවාට ඉවර නැහැ’ අරගලය තවදුරටත් ක්රියාත්මකයි.