නවතම පුවත්

ඩලස් – රනිල් – අනුර ජනපති සටනට

අසංක

අසංක

අනුප්‍රාප්තික ජනාධිපති ධුරය වෙනුවෙන් ඩලස් අලහප්පෙරුම, රනිල් වික්‍රමසිංහ සහ අනුර කුමාර දිසානායක යන මහත්වරුන්ගේ නාමයෝජනා අද පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් වී තිබේ.

පාර්ලිමේන්තුව විසින් මෙවර අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු තෝරාපත්කරගන්නා අතර ඒ හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමෙන් හිස්වූ ජනපති ධුරයට ඉතිරි ධුර කාලය වෙනුවෙන් මෙම පත්කරගැනීම හෙට පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමක් මගින් සිදුකෙරේ.

ඒ අනුව අද දිනයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඩලස් අලහප්පෙරුම මහතාගේ නම යෝජනා කළේ ය. එය ස්ථිර කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ජීඑල් පීරිස් මහතා විසිනි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී, සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා විසින් වැඩබලන ජනාධිපති, එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නම යෝජනා කරන ලදී. එය ස්ථිර කරන ලද්දේ අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා විසිනි.

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ නම, ජාතික ජන බලවේගයේ විජිත හේරත් මහතා විසින් යෝජනා කළ අතර එම පක්ෂයේ හරිනි අමරසූරිය මහත්මිය විසින් ස්ථිර කරන ලදී.

හෙට දින පෙරවරු 10 දක්වා පාර්ලිමේන්තුව කල් තැබිණි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා