නවතම පුවත්

ගාලුමුවදොර උණුසුම්වේ – ආරක්ෂක අංශ අරගල භූමියට කඩාවදී!

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ගාලු මුවදොර පිහිටි අරගල භූමිය ආශ්‍රිතව උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබෙනවා. අරගල භූමියට යුද හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය හා පොලීසිය ඇතුලුවීම ඊට හේතුව බවටයි අරගල භූමියේ සිටින පිරිස් පවසන්නේ.

අද අලුයම 1 ට පමණ යුද හමුදා භට පිරිස් ජනාධිපති ලේකම් කාර්යාලය දෙසින් පැමිණ අරගල භූමියේ සිටි අරගලකරුවන් එම ස්ථානයෙන් ඉවත්කරමින් ඉදිරියට පැමිණ ඇති බවටයි වාර්තා වන්නේ.

ඉන් පසුව ජනාධිපති ලේකම් කාර්යාලය සහ එහි පිවිසුම් ගේට්ටුව යුද හමුදාව සිය භාරයට ගෙන ඇති බවටද වාර්තා වනවා. අරගලකරුවන් ඔවුන් රැඳී සිටින කුඩාරම් ඉදිකළ ස්ථානයේ රැඳී සිටින නමුත් යුද හමුදාව ඊට මිටර් කිහිපයක් දුරින් ස්ථානගතවී සිටින බවටයි වැඩිදුරටත් වාර්තා වන්නේ.


අප මේ සම්බන්ධයෙන් පොලීසියෙන් විමසීමක් කළා. එහි ජේ්‍යෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ සිටි පිරිස් ඉන් ඉවත් කිරීම සඳහා අද අලුයම එක හමාරත්, දෙකත් අතර කාලය තුළ ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයට ඇතුලුවූ බවයි. එහිදී අරගල භූමියේ සිටි පිරිසම් ඊට විරෝධය දැක්වීමත් සමඟ යම් උණුසුම් තත්ත්වයක් ඇතිවූ බවයි පොලීසිය සඳහන් කළේ.

එහිදී ඇතිවූ සිද්ධියේදී පුද්ගලයින් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර එක් අයෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. එමෙන්ම ජනාධිපති ලේකම් කාර්යාලයේ සිට බාලදක්ෂ මාවත මංසන්ධිය දක්වාවූ සියලු කූඩාරම් ඉවත් කිරීමටයි ආරක්ෂක අංශ පියවර ගෙන ඇත්තේ.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ එම ආණ්ඩුවට ඉවත් වන ලෙස බල කරමින් ගාලුමුවදොර ආරම්භ වූ විරෝධතාවයට ඉකුත්දා දින 100 ද ඉක්මවා ගොස් තිබුණා. එමෙන්ම ඊයේ දිනයේ අරලියගහ මන්දිරය ඉදිරිපිට සිටි “නෝ ඩීල් ගම” විරෝධය අවසන් කළ අතර රතු කුරුස සංවිධානයේ නියෝජිතයින් ද ඊයේ අරගල භූමියෙන් ඉවත්ව ගියා.

මේ අතර අරලියගහ මන්දිරය ඉදිරිපිට “නෝ ඩීල්ගම” විරෝධතාවයේ නිරතවූ අරගලකරුවන් එම ස්ථානයෙන් ඉවත්වීමට පෙර ආරක්ෂාව ඉල්ලා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ පිහිටි කාර්යාලය වෙත ගොස් ලිපියක් ද භාරදී තිබුණා.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි