ගාලු මුවදොර විරෝධතා භූමියෙන් ලැබෙන වාර්තා පිළිබඳව දැඩි අවධානයක් යොමු කර ඇති බව මෙරට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් මහත්මිය පවසයි.
මහ කොමසාරිස්වරිය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසන්නේ, සාමකාමි විරෝධතා දැක්වීමෙ අයිතියේ වැදගත්කම පැහැදිලිව පෙන්වා දී ඇති බවයි.
මේ අතර ගාලු මුවදොර විරෝධතා භූමියේ සිදුවීම සම්බන්ධයෙන් මෙරට කැනේඩියානු මහ කොමසාරිස්වරයා ද ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබේ.
මහ කොමසාරිස් ඩේවිඩ් මැකිනොන් මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අවධාරණය කරන්නේ බලධාරීන් සංයමයෙන් හා ප්‍රචණ්ඩත්වයෙන් වැළකී කටයුතු කිරීම ඉතා වැදගත් බවයි.
මේ අතර මෙම සිදුවීම් ගැන කනස්සල්ලට පත්වන බව මෙරට ඇමෙරිකානු තානාපතිවරියද සඳහන් කර ඇත . සාමකාමීව මෙම ගැටළු විසඳාගැනීමට පියවර ගන්න ලෙසද ඇය මෙහිදී ඉල්ලීමක් කර ඇත