නවතම පුවත්

මන්කිපොක්ස් ලංකාවටත් ඒවිද ?

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මන්කි පොක්ස් වෛරසය මෙරටට පැමිණිමට ඉඩකඩ පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් පැවසුවේ ඵ් පිළිබදව මේ වන විටත් සෞඛ්‍ය අංශ දැඩි අවධානයෙන් පසුවන බවයි.
මන්කි ෆොක්ස් වෛරසයේ ව්‍යාප්තිය පිළිබදව සහ අනෙකුත් රටවල් ඵ් සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබද මේ වන විටත් මෙරට සෞඛ්‍ය අංශ අධ්‍යනය කරමින් සිටින බවයි වෛද්‍ය හේමන්ත හේරත් සදහන් කළේ.

මෙම වෛරසය ආසාදනය වූ රෝගියෙකු මෙරටදී වාර්තා වුවහොත් ඵ් සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග සහ අවශ්‍ය පහසුකම් මේ වන විටත් සෞඛ්‍ය අමාත්‍යාංශය සූදානම් කර ඇති බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් වැඩිදුරටත් පැවසුවේ.


මන්කි ෆොක්ස් වෛරසය ගෝලීය සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඊයේ ප්‍රකාශයට පත් කළා. ඒ ලෝක සෞඛ්‍ය සංවිධානය ඊයේ පැවත්වූ මාධ්‍ය හමුවකදීයි.

මේ වන විට ලෝකයේ රටවල් 47 කින් වෛරසය ආසාදනය වූ රෝගීන් 3,040ක් හමුවී ඇති අතර වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 02ක් බවයි ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තා පෙන්වා දෙන්නේ.

මේ අතර ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් ගතවූ සති දෙකක කාලය තුලදී මන්කි ෆොක්ස් වෛරසය ආසාදනය වූ රෝගීන් තිදෙනෙකු හමුවී තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි