නවතම පුවත්

අරගලය ගැන ජනපතිගෙන් ප්‍රකාශයක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

සාමකාමී,ප්‍රචණ්ඩත්වයෙන් තොරව රැස්වීමේ අයිතිවාසිකම් තහවුරු කිරීමට ශ්‍රී ලංකාව සැම විම කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් සමඟ කොළඹ දී පැවති හමුවකදී ජනාධිපතිවරයා මෙි බව කීය.

නීතිවිරෝධී ලෙස ජනාධිපති ලේකම් කාර්යාලයේ රැඳී සිටින විරෝධතාකරුවන් ඉවත් කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් දැනුවත් කිරීම සඳහා මෙම රැස්වීම කැඳවා තිබුණි .

සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ 21 වැනි වගන්තිය සහ සාමකාමීව රැස්වීමේ අයිතිවාසිකම් පාලනය කරන ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 (1) (ආ) වගන්තිය රජය විසින් තහවුරු කරන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

රජයේ ගොඩනැගිලි අවහිර කිරීමට සහ දේපොළ වෙනත් අරමුණුවලට යොදා ගැනීමට විරෝධතාකරුවන්ට අවසර ලබා නොදෙන බවට ඇමරිකා සිවිල් නිදහස් සංගමය ලබා දුන් උපදෙස්වල සඳහන් බව ද ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් පැහැදිලි කළේය.

දේපළවලට හෝ ජීවිතවලට හානියක් නොවන පරිදි නගරයේ අවිහිංසාවාදී විරෝධතාවලට ඉඩ සැලසීම සහතික කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ද ජනාධිපතිවරයා රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් දැනුවත් කළේය.

ප්‍රචණ්ඩත්වයෙන් තොර විරෝධතා සඳහා විහාරමහාදේවි උද්‍යානයේ එළිමහන් රංග පීඨය, නව නගර ශාලාව, හයිඩ් පාර්ක් සහ කැම්බල් පිටිය ලබාදෙන බවද ජනාධිපතිවරයා කීවේය.

ගෝඨා ගෝ ගම සම්බන්ධයෙන් මතුව ඇති ගැටළුවලට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා කීවෙි ආරක්ෂක අංශ විසින් එම ගම ඉවත් කර නොමැති බවත් වැරදි සමාජ මාධ්‍ය වාර්තා පළ වන බවත්ය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්