මෙම මස අවසානයේ කල් ඉකුත් වීමට නියමිතව තිබූ ෆයිසර් කොවිඩ් මර්දන ඵන්නත්වල කල් ඉතුත් වීමේ දිනය දීර්ඝ කර තිබෙනවා. ඵ් අදාල සමාගමේ සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ මතයි. ඵ් අනුව ඵම ඵන්නත්වල කල් ඉකුත් වීමේ දිනය මාස තුනකින් දීර්ඝ කර ඇති බවයි සෞඛය අමාත්‍යාංශය සදහන් කළේ.
මෙරටට ආනයනය කර තිබූ කාණ්ඩ 04කට අයත් මිලියන 07කට අධික ෆයිසිර් ඵන්නත් තොගයක කල් ඉකුත් වීමේ කාලය මෙලෙස මාස තුනකින් දීර්ඝ කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් චක්‍රලේඛයක්ද නිකුත් කර තිබෙනවා.
ඵ් අනුව ජූලි මස 31 වන දින කල් ඉකුත්වීමට තිබූ මෙම ඵන්නත් තොගයේ කල් ඉකුත්වීමේ කාලය ඔක්තොබර් මස 31 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා.