ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ,වහා ආණ්ඩුව සමග එක්වී , සර්වපාක්ෂික රජයක් බිහිකර එහි අමාත්‍යධූර ලබාගතයුතු බවට එම පක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් පක්ෂ නායකත්වය වෙත දැඩි ලෙස බලපෑම් එල්ල කරමින් සිටී .
හදිසි නීතිය සම්මත කිරීමට එරෙහිව ජන්දය භාවිතා කිරීමට ගත් තීරණය සම්භන්ධවද , මෙම ශ්‍රීලනිප මන්ත්‍රීවරු , පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත දැඩි විරෝධයක් පළකර ඇති බවට තොරතුරු වාර්තාවේ.
පාස්කු ප්‍රහාරය සම්භන්ධව සිදුකෙරෙන පරීක්ෂණවලදී යම් හෙයකින් මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව කරුණු මතුවුවහොත් , එය ශ්‍රීලනිපයේ අනාගතයට දැඩිව බලපානු ඇති බවත් මෙම මන්ත්‍රීවරුන් , මෙහිදී පෙන්වාදී ඇත .
මෛත්‍රීපාල සිරිසේන මහතා හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග හමුවක් අද දිනයේ පැවැත්වුනේද , ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ගේ මෙම බලපෑම් මතම බවටද තොරතුරු වාර්තාවේ.