නවතම පුවත්

තෙල් ඕනෑ නම් මාස්ක් එක දාන්න

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මුහුණු ආවරණ නොමැතිව ඉන්ධන පිරවුම්හල් වෙත පැමිණෙන පුද්ගලයින්ට හෙට සිට ඉන්ධන නිකුත් නොකරන බව ඛනිජ තෙල් අලෙවි නියෝජිතයින්ගේ සංගමයේ (PDA) සම ලේකම් කපිල නාඔටුන්න මහතා පවසයි.

COVID-19 අවදානම රට තුළ යළිත් ඉහළ යමින් පවතින බැවින් මේ පිළිබඳව සියලුම ඉන්ධන පිරවුම්හල් දැනුවත් කර ඇති බව ඔහු පැවසීය.

එබැවින් ඉන්ධන පිරවුම්හල් වෙත පැමිණීමේදී සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් දැඩි අවධානයක් යොමු කරන ලෙස ඉල්ලීම් කළ බවද ඔහු පැවසීය.

“සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීම සම්පූර්ණයෙන්ම අත්හැර දමලා. ඉන්ධන පෝලිම්වල සමාජ දුරස්ථභාවය පවත්වා ගන්නා ලෙස ජනතාවට දැඩි ලෙස උපදෙස් දෙනවා”නාඔටුන්න පැවසීය.

මුහුණු ආවරණ පැළඳ නොසිටින අයට ඉන්ධන ලබා නොදෙන ලෙස විස්තර කරමින් සෑම පිරවුම්හලකම අදාළ දැන්වීම් ප්‍රදර්ශනය කරන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්