පල්ලකැලේ පිහිටි රොබෝ තාක්ෂණයෙන් ක්‍රියාත්මක සේලයින් බෝතල් නිෂ්පාදන කර්මාන්තශාලාවේ නිෂ්පාදන වෙනුවෙන් යුරෝපා තත්ත්ව සහතිකය ලබාගැනීමට එහි කළමණාකාරීත්වය සැලසුම්කර තිබේ.
එම ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා ආයොජන මණ්ඩලයේ ස්ථාපිත මෙම කර්මාන්ත ශාලාව සම්පූර්ණයෙන් රොබෝ තාක්ෂණයෙන් පැය විසිහතර පුරා ක්‍රියාත්මකය.
මෙමඟින් සෘජු රැකියා අවස්ථා 280ක් හිමිවී ඇත. අමතර සේවා දායකයන් වශයෙක් 325 දෙනෙකු සඳහා වක්‍ර රැකියා අවස්ථා හිමිවී ඇත.
රුපියල් බිලියන 09ක වියදමින් ඉදිකර ඇති මෙම නිෂ්පාදනාගාරය සේලයින් බෝතල් මිලියන 55ක වාර්ෂික නිෂ්පාදනයකින් යුක්තය.
මේ වන විට ශ්‍රී ලංකාවේ වාර්ෂික සේලයින් අවශ්‍යතාව බෝතල් මිලියන 15කි.
දේශීය අවශ්‍යතාව මෙම කර්මාන්ත ශාලාවෙන් සපුරා ගැනීමට රජයේ අවධානය යොමුවී තිබේ.
දැනට මෙහි කරනු ලබන නිෂ්පාදන අපනයනය කරයි. යුරෝපා වෙළඳපොළ ජයගැනීම වෙනුවෙන් ඒ සඳහා තතත්ව සහතිකය ලබාගැනීමට අපේක්ෂා කෙරේ.

