නවතම පුවත්

නොමැරී ජීවත්වෙන්න එක්අයකුට මාසෙකට රු.12500ක්

අසංක

අසංක

කාල බිලී නොමැරී පුද්ගලයෙකුට රුපියල් 2500කින් මාසයක් ජීවත්වීමට හැකියැයි කීවේ බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයාය. හැබැයි ඒ අද ඊයේ නොව. වසර දහ පහළොවකට ඉහතදීය.

එදා රුපියල් 2500න් මාසයක් නොමැරී ජීවත්වීමට කන්න බොන්න බන්දුල ඇමතිවරයාගේ න්‍යායට අනුව ජීවත්විය හැකි වූවත් අද නම් රුපියල් 2500 එක දවසකටවත් ජීවත්වන්නට එක් පුද්ගලයෙකුට ප්‍රමාණවත් නොවනු ඇත.

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ 2012/13 නිල දරිද්‍රතා රේඛාවට අනුව ගෘහස්ත ආදායම් සහ වියදම් සමීක්ෂණය මත පදනම්ව ගත් කල කාල බීල නොමැරී ජුනි මාසය තුළ ජීවත්වන්නට එක් පුද්ගලයෙකුට අවශ්‍යවූ මුදල රුපියල් 12,444කි. සිව් දෙනෙකුගෙන් සමන්විත පවුලකට නම් ජූනි මාසයේ ජීවත්වීමට වැය වූ මුදල ඒ අනුව 50,000කට ආසන්නය.

මේ 12,444 ජාතික මට්ටමේ නිල දරිද්‍රතා ලේඛාවට අනුවය. හැබැයි කොළඹ ජීවත්වන්නෙකුට මේ ගාන ප්‍රමාණවත් වන්නේ නැත. ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිල දරිද්‍රතා රේඛාව සකස් කිරීමේදී දිස්ත්‍රික් මට්ටමද සැළකිල්ලට ගනු ඇත. ඊට අනුව වැඩිම මුදලක් වැය වන්නේ කොළඹ ජිවත් වන්නන්ටය. එම මුදල රුපියල් 13,421කි. ඊට පසු වැඩියෙන්ම මුදලක් වැයවෙන්නේ ගම්පහ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ජීවත්වන්නටය. එම ගණන පිළිවෙලින් රුපියල් 13,353ක් හා 13,087කි.

අඩුවෙන්ම වැයවන්නේ යැයි එම සටහනට අනුව පෙනී යන්නේ මොණරාගල දිස්ත්‍රික්කය තුළය. එම ගණන රුපියල් 11,899කි.

ජාතික මට්ටමේ නිල දරිද්‍රතා රේඛාවට අනුව 2022 ජූනි මාසයේ එක් පුද්ගලයෙකුට ජීවත්වන්නට රුපියල් 12,444ක් වැය වනු ඇතැයි කියැවුනත් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවෙ දත්තයන්ට අනුව 2012/13 වසරේ නම් මේ ගණන සටහන් වූයේ රුපියල් 5223ක් ලෙසිනි. 2016 වසරේදී එම ගණන රුපියල් 6117කි. 2019 වන විට එය ඉහළ යන්නේ 6966ක් ලෙසිණි. 2020 වර්ෂයේ එම ගණන රුපියල් 7395ක් ලෙසද 2021 වසරේ රුපියල් 7913ක් ලෙසද තවදුරටත් ඉහළ ගොස් ඇත.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා