නවතම පුවත්

ආහාර මිළ ගණන් 94%කින් නගී !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ගතවූ අගෝස්තු මාසයේදී මෙරට ආහාර කාණ්ඩයේ මිල සියයට 93.7 කින් ඉහළ ගොස් තිබෙනවා. ආහාර කාණ්ඩයේ වාර්ෂික ලක්ෂමය උද්ධමනය ඉකුත් ජූලි මාසයේදී පැවතියේ සියයට 90.9 ක් ලෙසයි.

ශ්‍රී ලංකා මහ බැංකුව පැවසුවේ ගතවූ අගෝස්තු මාසයේදී ආහාර කාණ්ඩය තුළ, නැවුම් මත්ස්‍ය, පලතුරු, පාන්, බිස්කට්, බිත්තර සහ කුකුල් මස් මිල ගණන් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බවයි. කෙසේවෙතත් සහල් සහ පරිප්පු මිල ගණන් වල පහළ යෑමක් පෙන්නුම් කළ බවයි ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම වාර්තාවේ දැක්වෙන්නේ.

මේ අතර ජූලි මාසයේදී සියයට 46.5 ක පැවති ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය ඉකුත් අගෝස්තු මාසයේ දී සියයට 50.2 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, නිවාස, ජලය, විදුලිය, ගෑස්, ප්‍රවාහන, රෙදිපිළි සහ පාවහන් යන භාණ්ඩවල මිල ගණන් ඉහළ යාම හේතුවෙන්.

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, අගෝස්තු මාසයේදී සියයට 64.3ක් දක්වා ඉහළ ගියා. එය ඉකුත් ජූලි මාසයේ පැවතුනේ සියයට 60.8 ක් ලෙසයි

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා