නවතම පුවත්

රජයේ නොහැකියාව නිසා රටට ඩොලර් මිලියන 22ක පාඩුවක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

නිව් ඩයමන්ඩ් නෞකාව ගිනිගැනීම හේතුවෙන් මෙරට සමුද්‍රීය පරිසර පද්ධතියට සිදුවූ හානිය වෙනුවෙන් අයවිය යුතු අමෙරිකානු ඩොලර් මිලියන 22 කට ආසන්න වන්දි මුදල රටට අහිමි වී ඇතැයි පරිසර යුක්ති කේන්ද්‍රය පවසනවා.

එහි ජේ්‍යෂ්ඨ උපදේශක හේමන්ත විතානගේ පැවසුවේ අදාළ වන්දි මුදල අයකර ගැනීම සඳහා අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට තිබූ වසර 02 ක කාලය මේ මස දෙවනදායින් අවසන්වීම ඊට හේතුව බවයි. අදාළ වන්දි මුදල ලබා ගැනීම සඳහා නඩු පැවරීමට මෙරට වගකිව යුතු පාර්ශව නිසි ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් එම තත්ත්වය උදාවූ බවයි ඔහු සඳහන් කළේ. 

ශ්‍රී ලංකාවට හිමිවිය යුතු වන්දි මුදල යලි ලබා ගැනීමට නොහැකි වනු ඇතැයිද පරිසර යුක්ති කේන්ද්‍රයේ ජේ්‍යෂ්ඨ උපදේශක හේමන්ත විතානගේ වැඩිදුරටත් සඳහන් කළා.

නැගෙනහිර මුහුදු සීමාවේදී නිව් ඩයමන්ඩ් නෞකාව ගිනිගැනීමට ලක්වූයේ  ඉකුත් 2020 වසරේදීයි. 

මේ අතර අදාළ වන්දි මුදල ලබාගැනීමට ශ්‍රී ලංකා බලධාරීන් නිසි පරිදි ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් නෙත් එෆ් එම් බැලුම්ගල වැඩසටහන මගින්ද මීට පෙර තොරතුරු හෙළි කළා.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා