නවතම පුවත්

තවත් ඩොලර් මිලියන 203ක් ණයට ගනී !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකා රජය අමෙරිකානු ඩොලර් මිලියන 203ක් ණයට ගැනීම සඳහා ගිවිසුමක් අත්සන් තබා තිබේ.

මුදල් අමාත්‍යාංශය දැනුම්දෙන්නේ, ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) සාමාන්‍ය ප්‍රාග්ධන සම්පත්වලින් අමෙරිකානු ඩොලර් මිලියන 200ක ණයක් ලබාදෙනු ඇති බවය.

මීට අමතරව, ආසියා සහ පැසිෆික් කලාපය සඳහා වන ජපන් අරමුදල (JFPR) ව්‍යාපෘති ක්‍රියාකාරකම් සඳහා මූල්‍යමය වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 03ක ප්‍රදානයක් ලබාදීමට නියමිතය.

ඒ අනුව සම්පූර්ණ ව්‍යාපෘති පිරිවැය අමෙරිකානු ඩොලර් මිලියන 203.36ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර ඉන් අමෙරිකානු ඩොලර් මිලියන 0.36ක් රජය විසින් දැරීමට එකඟ වී ඇත.

ආහාර, දිළිඳුකම සහ අවදානමට ලක්වූවන්ගේ ජීවනෝපායන් ආරක්ෂා කිරීම (විශේෂයෙන්ම කාන්තාවන් සහ ළමුන්) මින් අපේක්ෂා කෙරේ.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි