නවතම පුවත්

ශ්‍රී ලංකාවේ ආහාර ප්‍රශ්න උග්‍ර විය හැකි බවට අනතුරු ඇඟවීමක්

අසංක

අසංක

ශ්‍රී ලංකාවේ ආහාර අනාරක්ෂිතතාව උග්‍ර විය හැකි බවට ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය සහ ලෝක ආහාර වැඩපිළිවෙළ අනතුරු අඟවා තිබේ.

ඊට හේතු ලෙස දුර්වල කෘෂිකාර්මික නිෂ්පාදනය, භාණ්ඩ මිල ඉහළ යාම හා පවතින ආර්ථික අර්බුදය එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය සහ ලෝක ආහාර වැඩපිළිවෙළ නිකුත් කළ නවතම වාර්තාවේ දක්වා ඇත.

ජනගහනයෙන් 30%කට ආසන්න ප්‍රමාණයක් දැනටමත් ආහාර අනාරක්ෂිතතාවට පත් ව සිටින බව එම සංවිධාන පෙන්වා දෙයි. හදිසි ආධාර ප්‍රමාද වුව හොත් එම අනාරක්ෂිතතාව තවදුරටත් උග්‍ර වන බව ඔවුහු පවසති.

මෙරට මිලියන 6.3ක ජනතාවක් මධ්‍යම මට්ටමේ සිට උග්‍ර මට්ටමේ ආහාර අනාරක්ෂිතතාවකට මුහුණ දී සිටින බව එම සංවිධාන සඳහන් කර ඇත.

ආසන්න වසර දෙකක බෝග අස්වැන්න අසාර්ථක වීම හේතුවෙන් මෙරට ආහාර නිෂ්පාදනය 50%කින් පමණ පහත වැටී ඇති බව හෙළි වී තිබෙන බව ද එම සංවිධානය නිකුත් කළ වාර්තාවේ දැක්වේ.

එමෙන්ම විදේශ විනිමය අර්බූදය ද මෙම ආහාර අනාරක්ෂිතතාව උග්‍ර කිරීමට හේතු වී ඇති බව එම වාර්තාව පෙන්වා දෙයි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා