නවතම පුවත්

නෙළුම් කුළුනේ දෙවන අදියරත් ආරම්භ කෙරේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

නෙළුම් කුලුනේ දෙවන අදියර කඩිනමින් විවෘත කිරීමට බලාපොරොත්තු වන බව නෙළුම් කුලුන පුද්ගලික සමාගම පවසයි.

එහි ප්‍රධාන විධායක නිලධාරී විශ්‍රාමික මේජර් ජනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා සඳහන් කළේ, තෙවන අදියර ද ලබන වසර ආරම්භයේදී විවෘත කිරීමට සැලසුම් කර ඇති බවය.

පසුගිය 15 වන දින නෙළුම් කුලුනේ පළමු අදියර ජනතාව සඳහා විවෘත කළ අතර පෙරේදා දිනය වන විට පමණක් ගතවූ දින 04 තුළ පුද්ගලයින් 25‍,000කට අධික පිරිසක් එය නැරඹීම සඳහා පැමිණ තිබේ.

එමඟින් රුපියල් මිලියන 11කට වැඩි ආදායමක් උපයා ගැනීමට හැකි වී ඇති බව වාර්තා වේ.

ඊයේ (19) දිනයේද විශාල ජනතාවක් නෙළුම් කුලුන නැරඹීම සඳහා පැමිණ ඇති අතර මේ හේතුවෙන් අද දිනයේ සිට එය නැරඹීම සඳහා ලබා දී තිබූ කාලය වැඩි කිරීමට ද පියවර ගත් බව විශ්‍රාමික මේජර් ජනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා පැවසුවේය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා