නවතම පුවත්

වරකාපොළ පස් කන්දට යටවූවන් සොයා හමුදා මෙහෙයුම් – 2නෙකු දිවි ගලවාගනී

අසංක

අසංක

අගුරුවැල්ල වරකාපොල මාර්ගයේ කොස්වත්ත හන්දිය ආසන්නයේ තුඹලියද්ද ප්‍රදේශයේ පස්කන්දක් කඩාවැටීම නිසා සිරවී සිටි නිවසක පුද්ගලයින් සිව්දෙනෙකුගෙන් දෙදෙනකු මුදා ගැනීම සඳහා යුද හමුද‍ාවේ පිරිසක් සෝදිසි සහ මුදා ගැනීමේ මෙහෙයුමක නිරත වෙති.

පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් සිදුවූ මෙම නායයාමෙන් නිවසේ සුන්බුන් අතර සිටි එම පවුලේ පියා මුදාගෙන ප්‍රථිකාර සඳහා වරකාපොල රෝහල වෙත යොමුකර ඇත. එක දරුවකු උපකාර පන්තිවලට සහභාගි වීම නිසා දිවි බේරාගෙන තිබුණි. එම පවුලේ මව සහ තවත් දරුවකු ගලවා ගැනීම සඳහා අඛණ්ඩව කටයුතු සිදුකරමින් පවතී.

නිළධාරීන් ඇතුළු යුධ හමුදා සාමාජිකයින් 75 කට අධික පිරිසක් දිවි ගලවා ගත් අනෙකුත් පුද්ගලයින් සොයා පොළොව පිරිසිදු කිරීමේ කාර්යයේ නිරතව සිටින නමුත් ධාරානිපාත වර්ෂාව සහ ගලා යන ජලය අඛණ්ඩ මෙහෙයුම් වලට විශාල අභියෝගයක් වී තිබේ.

යුද්ධ හමුදාපතිතුමන්ගේ උපදෙස් පරිදි බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ (SFHQ-බටහිර) 61 වන සේනාංකය යටතේ ඇති 611 බලසේනාවට අයත් 8 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු (SLSR) භට පිරිස් මෙම මෙහෙයුමේ නිරතව සිටී.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි