යුරෝපා සංගමයෙන් රජයට අවවාදයක්

Picture of අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

ජාතිවාදී ප්‍රචණ්ඩ ක්‍රියා සඳහා ජනතාව පොළඹවන්නන්ට සහ අපරාධකරුවන්ට එරෙහිව නීතිය එකලෙස දැඩිව ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කල යුතු බව යුරෝපා සංගමය අවධාරණය කර සිටී.

.ශ්‍රී ලංකා රජය මේ මොහොතේ නීතියේ ආධිපත්‍යය තහවුරු කරමින් කටයුතු කල යුතු බවද නිවේදනයක් නිකුත් කරමින් යුරෝපා සංගමය සඳහන් කර ඇත.

වෛරය සහ ප්‍රචණ්ඩත්වය සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කිරීම අතිශය වැදගත් බව ද යුරෝපා සංගමය නිවේදනයේ සඳහන් කර ඇත.

ප්‍රචණ්ඩත්වයට, සමාජ නොසන්සුන්තාව මෙන්ම අවිශ්වාසය පතුරුවන පිරිස්වලට එරෙහිව දිගින් දිගටම හඬ නැගිය යුතු යැයිද අවධාරණය කරන යුරෝපා සංගමය දේශපාලනික, ආගමික සහ වෙනත් ප්‍රජා නායකයින්ගෙන් ඉල්ලා සිටින්නේ ජනවර්ග අතර සාමය සහ අවබෝධය ප්‍රවර්ධනය කිරීමට සෑම උත්සහයක්ම ගන්නා ලෙස ය.

ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, නෙදර්ලන්තය, රුමේනියාව යන රටවල තානාපති කාර්යාල සහ එක්සත් රාජධානියේ මහ කොමසාරිස් කාර්යාලය මෙන්ම නොර්වේ සහ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලවල එකඟතාව මත අදාළ නිවේදනය නිකුත් කර තිබේ.