උතුරට හැර සෙසු ප්‍රදේශවල හරක් – එළු මස් ප්‍රවාහනයට ඉඩ

Picture of අසංක

අසංක

උතුරු පළාත හැර අනෙකුත් සියලුම දිස්ත්‍රික්ක අතර හරක් මස් සහ එළුමස් ප්‍රවාහනයට අවසර දී තිබේ.

උතුරු සහ නැගෙනහිර පළාත්වල ගවයින් සහ එළුවන් 1500කට වැඩි ගණනක් මිය ගියේ අයහපත් කාලගුණික තත්ත්වයන් නිසා මිස කිසිදු වසංගත රෝගයකින් නොවන බව සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව තහවුරු කරයි.

එම දිනවල රට තුළ පැවති අධික සීත කාලගුණය හේතුවෙන් ඇතිවූ කම්පන තත්ත්වයන් මත මෙම සතුන් මියගිය බවට පරීක්ෂණ මගින් තහවුරු විය.

ගවයන් සහ එළුවන් විශාල සංඛ්‍යාවක් හදිසියේ මියයාම හේතුවෙන් මහජන සෞඛ්‍යාරක්ෂාව උදෙසා දිස්ත්‍රික් අතර හරක් මස් සහ එළුමස් ප්‍රවාහනය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ජනාධිපතිවරයා නියෝග කළේය.