නවතම පුවත්

වැටුප ලක්‍ෂයකට වඩා වැඩිනම්, බදු ගෙවන්නේ මෙහෙමයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

2023 ජනවාරි 01 සිට පුද්ගල ආදායම් බදු ගෙවිය යුතු ආකාරය මේ වන විට නිවේදනය කර තිබේ.

ඒ අනුව මාසිකව රු. ලක්ෂයකට වඩා අඩු වැටුපක් ලබන අය මෙම පුද්ගල බදු සඳහා අයත් වන්නේ නැත.

රු. 150,000 ක වැටුපක් ලබන්නෙකුට රු. 3,500 ක් බදු මුදලක් ගෙවිය යුතු වන අතර ඔබ රු. ලක්ෂ 3 ක වැටුපක් ලබන්නේ නම් ඔබ ගෙවිය යුතු ආදායම් බදු මුදල රු. 35,000 කි. 2020-22 වකවානුවේ දී සිදුකරන ලැබූ බදු කප්පාදු සමඟ රු. 300,000 ක වැටුපක් ලබන්නෙකුට ගෙවිය යුතුව තිබුණේ රු. 3,000 ක බද්දක් පමණි. නමුත් ඊට පෙර එනම් 2018-19 කාලයේ දී ඔහු රු. 20,000 ක බද්දක් ගෙවිය යුතු විය.

මේ අතර රු. මිලියනයක හෙවත් ලක්ෂ 10 ක මාසික වැටුපකට හිමිකම් කියන්නෙකු නව බදු සංශෝධනවලට අනුව 2023 ජනවාරි 01 සිට මාසකව ගෙවිය යුතු බදු ප්‍රමාණය රු. 286,500 ක් වේ. 2020-2022 කාලයේ දී රු. මිලියනයේ වැටුප් සීමාවට අදාළ බදු මුදල රු. 90,000 ක් වූ අතර 2018-19 කාලයේ දී එම අගය දැක්වුණේ රු. 186,000 ක් ලෙසයි.

මේ පිළිබඳ පූර්ණ සටහනක් පහතින් දැක්වේ.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා