නවතම පුවත්

සතුට හා ආදරය පතුරවමින් උත්සව සමය රනින් බබලවන මල්ලිකා හේමචන්ද්‍ර ජුවලර්ස්

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න


සතුට පැතිරෙන නත්තල් සමයේ එකිනෙකා අතර හුවමාරු කර ගන්නා තිළිණයන්ට ඉස්තරම් ස්වර්ණාභරණ එකතු කර ගැනීම සඳහා මල්ලිකා හේමචන්ද්‍ර ජුවලර්ස් වෙත පිය නගන ඔබට නවතම මෝස්තර රාශියක් දැරිය හැකි මිලකට පහසු ගෙවිම් ක්‍රම යටතේ මිලදී ගැනීමේ හැකියාව උදාකර දී ඇත.

දශක පහකට අධික කීර්තිමත් ඉතිහාසය තුළ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කාන්තා ස්වර්ණාභරණ නිමැවුම්කරු වශයෙන් නමක් දිනා සිටින මල්ලිකා හේමචන්ද්‍ර ජුවලර්ස් මෙවර නත්තල් සමයේදී මිලදී ගන්නා ස්වර්ණාභරණ වෙනුවෙන් සිවිශේෂී දීමනා රැසක් ගෙනෙනු ලබයි. 40% දක්වා වූ සුවිශේෂී වට්ටම්, මාස 24ක් දක්වා වූ පහසු ගෙවීමේ සැළසුම්, කැරට් 22 රන් ආභරණ රන් මිලට පමනක් සහ කැරට් 22 ස්වර්ණාභරණ එකතුව රු:15,000/= සිට ඉහලට වැනි අගනා දීමනා සමගින් පාරිභෝගිකයන්ට මිලදී ගැනීමේ හැකියාව උදාකර දී ඇත.

සියලු නත්තල් තිලිණ අභිබවා යමින් මතකයේ සදා රැඳෙන නත්තල් රන් තිලිණයක් ඔබේ සතුට මෙන්ම ඔබේ ප්‍රියයන්ගේ ආදරණීය මතකයද තීව්‍ර කරනු ඇත. අද්විතිය ගුණාත්මක බවින් සහ අසමසම මෝස්තරවලින් යුත් අනගි රන් තිලිණයක් ඔබේ ආදරණියයන්ට මේ නත්තල් සමයේදී පහසු මිලට ලබාගැනීම සඳහා මල්ලිකා හේමචන්ද්‍ර ජුවලර්ස් හි කොළඹ 07 හෝර්ටන් පෙදෙසේ ප්‍රදර්ශනාගාරය මෙන්ම නුගේගොඩ , ලිබර්ටි ප්ලාසා , කේ-සෝන් ආ ඇල, වෝඩ් සිටි -ගම්පහ සහ කැන්ඩි සිටි සෙන්ටර් හි පිහිටි ප්‍රදර්ශනාගාරයද විවෘතව පවතී.

සියලුම වයස් මට්ටම්වල පාරිභෝගිකයන්ට ඔබින විශිෂ්ට ගුනත්වයෙන් යුතු නිර්මාණ සහ නවතම විලාසිතාවලින් සමන්විත කැරට් 22 ස්වර්ණාභරණ එකතුවක්, අගනා Pink Sapphire මැනික් එබ්බවූ ස්වර්නාභරන එකතුවක්,ඉතාමත් ඉහල ගුනත්වයෙන් යුතු දියමන්ති එබ්බවූ Layered Necklace ,කරාබු ,මුදු,, වලලු වලින් සමන්විත ස්වර්ණාභරණ එකතුවක් මල්ලිකා හේමචන්ද්‍ර ජුවෙලෙර්ස් වෙතින් ගෙනෙනු ලබයි.

සිත් ඇදගන්නා සුලු මෝසතරවලින් නිර්මාණය කරනලද ස්වර්ණාභරන එකතුවක් මෙම නත්තල් සමයේ පාරිභෝගික සිත් සතන් සතුටෙන් පුරවනු නොඅනුමානය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා