නවතම පුවත්

බේකරි හිමියෝ බිත්තර ආනයනයට අවසර ඉල්ලයි – දැන් මිල 70 යි 35 දෙන්න පුළුවන්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මේ වන විට හිතුමතේ අධික ලෙස ඉහළ දමන බිත්තර මිල හමුවේ  බේකරි කර්මාන්තය පවත්වාගෙන යාමේ දැඩි ගැටලුවක් ඇති වී තිබෙන මේ මොහොතේ තමන්ට බිත්තර ආනයනය කිරීමට අවසර දෙන ලෙස සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා ඊයේ (31) දින මාධ්‍ය හමුවක් කැදවමින් රජයෙන් ඉල්ලා සිටියේය.

මෙහිදී එන්.කේ ජයවර්ධන මහතා අවධාරණය කලේ ඉන්දියාව හා පකිස්ථානයෙන් බිත්තර ආනයනය කිරීමට තම සංගමයට අවසර දෙන්නේ නම් රුපියල් 30/= ත් 35/= ත් අතර මිලකට බිත්තර ලබා දීමට තමන්ට හැකි බවය.

බිත්තර මිල මේ වනවිට රුපියල් 70/= පමණ මිලකට ඉහළ ගොස් ඇති නිසා පාන් හැර අන් සියලුම බේකරි නිශ්පාදන වල මිල ඉහළ දැමීමට බේකරි කරුවන්ට සිදු වන බවද ජයවර්ධන මහතා මෙහිදී පැවසීය.

ලොරි වලින් ගෙනත් රුපියල් 55/= කට බිත්තර අලෙවිකරන බව කියමින් කරන නාටකය නතර විය යුතු බවද හේ මාධ්‍ය හමුවේදී පැවසීය. බිත්තර ආනයනය කිරීමට අවසර දීමට රජයට එක පෑන් පහරින් කල හැකි බවද ජයවර්ධන මහතා කීය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා