නවතම පුවත්

රජයේ ආරාධනයෙන් ව්‍යාපාරික හමුවකට ආ මැලේසියානුවකු අත්අඩංගුවට

අසංක

අසංක

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ආරාධනයකට අනුව ව්‍යාපාරික සාකච්ඡාවක් සඳහා මෙරටට පැමිණි මලයාසියානු ජාතිකයෙකුව රුපියල් ලක්ෂ 25ක මුදල් වංචාවක් සම්බන්ධයෙන් කටුනායක ගුවන්තොටුපොලේදී අත්අඩංගුවට ගෙන තිබේ.

නව ව්‍යාපාරයක් මෙරට ආරම්භ කිරීමට ආයෝජනයක් ලෙස බම්බලපිටියේ පදිංචි ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 25ක මුදලක් ලබාගෙන ඒ වෙනුවට අගරුචෙක්පත් ලබාදෙමින් කළ වංචාවක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව අධිකරණය විසින් නිකුත්කර තිබුණු ගුවන්ගමන් තහනමකට අනුව එසේ ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.

P.Rajo Isa Michael නැමැති මෙම මලයාසියානුව මෙම වංචාව කර ඇත්තේ 2016 වසරේදීය. ඒ සම්බන්ධයෙන් බම්බලපිටියේ පදිංචි ව්‍යාපාරිකයෙකු විසින් 2021 වසරේ කොළඹ වංචා විමර්ශන කාර්යාංශය පැමිණිල්ලක්ද කර තිබී ඇත.

මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් කොළඹ කොටුව අධිකරණයට වංචා විමර්ශන කාර්යාංශය කරුණු වාර්තාකර තිබී ඇත. එ් වන විට රටින් පිටව ගොස් සිටි මෙම මලයාසියානුවාට එරෙහිව අධිකරණය විසින් ගුවන් ගමන් තහනමක්ද පනවා තිබී ඇත. ගුවන්තොටුපොලේදී ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ එම අධිකරණ නියෝගයකට අනුවය.

මෙම මලයාසියානු ජාතිකයා නැවත මෙරටට පැමිණෙන අවස්ථාවේදී කටුනායක ගුවන් තොටුපොලේ ඇති ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට ඔහුගේ විදෙස් ගමන් බලපත්‍රයේ තොරතුරු ඇතුලත් කිරීමේදී ඔහුට එරෙහිව ගුවන් ගමන් තහනමක් ඇති බව පෙනී ගොස් ඇති බැවින් ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන වංචා විමර්ශන කාර්යාංශයට භාරදීමට පියවර ගෙන තිබුණි.

මෙම සැකකාර මලයාසියානු ජාතිකයාව 03 වෙනිදා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහුගේ විදෙස්ගමන් බලපත්‍රය අධිකරණය භාරයේ තබාගෙන මුදා හැරිය බව වංචා විමර්ශන කාර්යංශයේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා