නවතම පුවත්

පාමුර රාජකාරියට යෙදවූ පොලිස් නිලධාරීන් නිදාගන්න ගිහින්

අසංක

අසංක

හම්බන්තොට ග්‍රාමසේවා වසම් 06ක ජනතාවගේ ආරක්ෂාවට රාත්‍රී පාමුර ආරක්ෂක රාජකාරියේ යොදවා සිටි පොලිස් නිලධාරීන් තිදෙනෙක් පාමුර රාජකාරියේ නිරතව සිටිනවා වෙනුවට තනිකඩ භට නිවාසයට ගොස් නිදාගෙන සිටියදී හම්බන්තොට සහකාර පොලිස් අධිකාරීවරයාගේ අතටම හසුවී තිබේ.

හම්බන්තොට සහකාර පොලිස් අධිකාරී ආර්.ඒ.පී. පෙරේරා මහතා ඊයේ (04) අලුයම 3.00ට පමණ හදිසියේම හම්බන්තොට වරාය පොලිස් ස්ථානයට කඩා වැදී ඇත්තේ පොලිස් නිලධාරීන් නිසි ලෙස රාජකාරියේ නිරත වන්නේදැයි පරීක්ෂා කිරීමකටය.

එහිදී එම නිලධාරියා පොත්පත් පරීක්ෂා කිරීමේදී පෙනී ගොස් ඇත්තේ සැරයන්වරයෙක් සහ කොස්තාපල්වරු දෙදෙනෙක් රාත්‍රී මුර සංචාරය සඳහා යොදවා ඇති බවය. එම නිලධාරින් තිදෙනා ගැන සොයා බැලීමේදී සහකාර පොලිස් අධිකාරීවරයාට පෙනීගොස් ඇත්තේ ඔවුන් ඒ වන විට තනිකඩ භට නිවාසයට වී නිදා සිටින බවය.

රාත්‍රී 10.00 සිට පසුදින 6.00 දක්වා රාත්‍රී පාමුර රාජකාරියේ යොදවා සිටි මෙම නිලධාරීන් මෙසේ තනකඩ බට නිවාසයට වී නිදාගෙන සිට ඇත්තේද පාමුර රාජකාරිය සඳහා පිටත්ව යන බවට පොලිස් පොත්වල සටහන් තබා බවද සහකාර පොලිස් අධිකාරීවරයාට පෙනී ගොස් ඇත. ඒ අනුව මෙම පොලිස් සැරයන්වරයාගේත් කොස්තාපල්වරු දෙදෙනාගේත් වැඩ තහනම් කිරීමට සහකාර පොලිස් අධිකාරී ආර්.ඒ.සී. පෙරේරා මහතා පියවර ගෙන තිබේ.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා