නවතම පුවත්

සාපරාධි විශ්වාසය කඩකිරීමේ චෝදනාව මත රුසියානුවෙක් අත්අඩංගුවට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

සංචාරක වීසා මගින් මෙරටට පැමිණ සිටින රුසියානු ජාතිකයෙකුව සාපරාධි විශ්වාසය කඩකිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අම්පාර සයින්දමරුදු හී පදිංචි පුද්ගලයෙකු සමඟ ඔහුට අයත් මෝටර් රථයකින් පසුගිය 04 වෙනිදා ගාල්ල, හික්කඩුව, උණවටුන, වැලිගම යන ප්‍රදේශවල සංචාරයේ නිරතව නැවත ඊයේ (05)  කොල්ලුපිටියේ පිහිටි කැසිනෝ ශාලාවකට පැමිණ මුදල් නොගෙවීමක් සම්බන්ධයෙන් මෙම රුසියානුවාට එරෙහින ලද පැමිණිල්ලකට අනුව අද (06) අලුයම් කාලයේදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.

අලෙක්ස් නැමැති මෙම රුසියානු ජාතිකයා සිය සංචරය නිමකර කොල්ලුපිටියේ කැසිනෝ ශාලාව වෙත ගොස් ඇත්තේ එහි කළමනාකරු සමඟ කථාබස්කර මුදල් ලබාදෙන බව කියමිනි. රුපියල් 46606ක් වන එම මුදල ඔහු ලබානොදී කැසිනෝ ශාලාවට ගොස් ඇති අතර ඔහු නැවත නොපැමිණීම නිසා කොල්ලුපිටිය පොලිස් ස්ථානය වෙත රියදුරා විසින් කළ පැමිණිල්ලකට අනුව ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.

මෙම රුසියානුවාව අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 09 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගතකර තිබේ

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා