මෙරට රබර් ආශ්‍රිත අපනයනයන් 2021 වසරට සාපේක්ෂව ඉකුත් වසරේදී සියයට 39 කින් ඉහළ ගොස් ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ රබර් ආනයනය හේතුවෙන් මෙරට රබර් ගොවියා අසීරුතාවට පත්ව සිටි බවයි.
2022 වසරේදී අමෙරිකානු ඩොලර් මිලියන 1463 ක පමණ වටිනාකමකින් යුත් රබර් නිෂ්පාදන අපනයනය කළ බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
නිසි සොයා බැලීම් සහ සුදුසු වැඩපිළිවෙළ හඳුන්වාදීම හේතුවෙන් 2021 වසරට සාපේක්ෂව 2022 වසරේදී රබර් ආනයනය සියයට 93 කින් පමණ අඩුකර ගැනීමට හැකිවූ බව ද මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය වැඩිදුරටත් සඳහන් කළා.