මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ යම් වැඩිවීමක් ඉදිරියේදී වාර්තා විය හැකි බව ජාතික බෝවන රෝග විද්‍යායතනය පවසනවා.
එහි කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පැවසුවේ එවැනි තත්ත්වයක් ඇති වුවහොත් ඊට මුහුණදීම සදහා සෞඛ්‍ය අංශ සූදානමින් සිටින බවයි.
කෙසේවෙතත්මෙරට රෝහල් තුළ පවතින ඖෂධ හිගයත් සමග වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහල ගියහොත් යම් ගැටලුකාරී තත්වයන් මතුවිය හැකි බවද විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා අප කළ කරුණු විමසීමකදී පැවසීය .
ඒ වෙනුවෙන් බලධාරීන් වහා අවධානය යොමුකළ යුතුව ඇති බවද ඒ මහතා පැවසීය