නවතම පුවත්

උපයනවිට බද්ද ගැන අලුත් චක්‍රලේඛයක් එයි

අසංක

අසංක

උපයන විට බද්ද (PAYE) රාජ්‍ය හෝ අර්ධ රාජ්‍ය ආයතන මගින් ගෙවීම අත්හිටුවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඊට අදාළ චක්‍රලේඛය මෙම සතිය තුළ නිකුත් කරන බවයි.

උපයන විට බද්ද පනවා ඇත්තේ කිසියම් සීමාවක් ඉක්මවා ආදායම් ලබා ගන්නා පුද්ගලයන් විසින් රජය වෙත ගෙවිය යුතු බද්දක් ලෙසයි.

ඇතැම් රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතන මගින් එම බද්ද ගෙවීමේ සිදු වීම් මීට පෙර වාර්තා වී ඇති බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

එහෙත් රට වර්තමානයේ පවතින තත්ත්වය තුළ මෙවැනි අක්‍රමිකතාවලට ඉඩ තැබිය නොහැකි බව සියඹලාපිටිය මහතා සඳහන් කරයි.

“රාජ්‍ය වෙන්න පුළුවන්, අර්ධ රාජ්‍ය වෙන්න පුළුවන්, පෞද්ගලික අංශයේ වෙන්න පුළුවන් යම් සීමාවකට වැඩියෙන් ඉපයීමක් කරනව නම් ඔවුන් උපයන විට බද්දට යටත් වෙනවා. නමුත් පසුගිය වකවානුවේ දී විශේෂයෙන් අර්ධ රාජ්‍ය, සංස්ථාවල යම් යම් සේවා ගිවිසුම් ඇති කරගෙන තිබුණ තත්ත්වයන් මත උපයන විට බද්ද අදාළ ආයතනය විසින්ම ගෙවන අවස්ථාවන් අපට අත්විඳින්න ලැබුණ. එවැනි අකාර්යක්ෂමතාවන්ට මේ අවස්ථාව නෙවෙයි. මේ පිළිබඳ ඉතා නිරවුල්ව සොයා බලල ඒ ගෙවීම වළක්වාලමින් පැහැදිලි චක්‍රලේඛයක් සියලුම රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතන වෙත නිකුත් කරනවා” යැයි අමාත්‍යවරයා පැවැසීය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා