පිරිවැය පරාවර්තක විදුලි ගාස්තුවක් මේ වසරේ ජනවාරි සිට ක්‍රියාත්මක වන පරිදි ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.
අද පස්වරුවේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මෙම අනුමැතිය ලැබී ඇත.
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසුවේ විදුලිබල කර්මාන්තය සඳහා වන පොදු ප්‍රතිපත්ති මාර්ගෝපදේශ සංශෝධනය කිරීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බවයි.