නවතම පුවත්

පොලීසියට කොරියන් කතාකරන්න උගන්වයි

අසංක

අසංක

කොරියානු තානාපති කාර්යාලයේ අනුග්‍රහය ඇතිව පොලිස් නිලධාරීන්ට කොරියානු භාෂා පුහුණු වැඩසටහනක් ආරම්භ කර තිබේ.

එහි සමාරම්භක වැඩසටහන ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති Woon Jin Jung මහතාගේ සහ පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පොලිස් මූලස්ථාන සම්මන්ත්‍රණ ශාලාවේදී අද (10) පැවති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේය.

කොරියානු භාෂා පුහුණුව පාඨමාලාවක් ලෙස ජාතික පොලිස් අභ්‍යාස ආයතනය මගින් පැවැත්වීමට නියමිතව ඇති අතර ඒ සඳහා දේශකයන් ඇතුළු පහසුකම් සියල්ලක්ම කොරියානු තානාපති කාර්යාලය මගින් සපයනු ලබයි.

කොරියානු භාෂා පොත්කට්ටල ද මෙහිදී පාඨමාලාව හදාරන නිලධාරීන්ට නොමිලයේම ලැබෙන අතර එය සංකේතවත්කරමින් පොත් කට්ටලයක් අද කොරියානු තානාපතිවරයා විසින් පොලිස්පතිවරයාට ලබාදුන්නේය.

කොරියානු තානාපති කාර්යාල නිලධාරීන් පොලිස් සහයක සේවා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත, ජාතික පොලිස් විද්‍යා පීඨයේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත චන්ද්‍රසිරි ඇතුළු පාඨමාලාව හැදෑරීමට එක්ව සිටින පොලිස් නිලධාරීන් 48 දෙනෙකු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා