නවතම පුවත්

බ්‍රසීල ජනපතිගෙන් පොලිසියට දොස්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

බ්‍රසීලයේ විපක්ෂ විරෝධතාකරුවන් පිරිසක් පසුගිය සති අන්තයේ රජයේ ගොඩනැගිලි කඩා බිඳ දමා අභ්‍යන්තර විනාශයක් සිදු කිරීමට හැකි වූයේ කෙසේද යන්න ප්‍රශ්න කරමින්, එරට වත්මන් ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා රටේ ආරක්ෂක අංශ වෙත චෝදනා නගා තිබේ.

“බ්‍රසීලියා පොලීසිය මෙම තර්ජනය නොසලකා හැරියා. බ්‍රසීලියා බුද්ධි අංශ එය නොසලකා හැරලා” ලූලා සඳුදා ආණ්ඩුකාරවරුන් සමග පැවති රැස්වීමකදී පැවසීය.

“පොලිස් නිලධාරීන් ප්‍රහාරකයන් සමග කතා කරමින් සිටින ආකාරය දැකිය හැකියි. පෙළපාලිකරුවන්ට පොලිසියේ පැහැදිලි අනුග්‍රහයක් තිබුණු බව පෙනෙනවා” ඔහු පැවසීය. එමෙන්ම විරෝධතාකරුවන්ට මුදල් සැපයුවේ කවුරුන්ද යන්න සොයා බලන බවද ඔහු සපථ කළේය.

අන්ත දක්ෂිණාංශික හිටපු ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝට සහාය දක්වන විරෝධතාකරුවන් ඉරිදා ශ්‍රේෂ්ඨාධිකරණය, ජනාධිපති මන්දිරය සහ කොංග්‍රසය වටලා, වසර 12ක විරාමයකින් පසු නැවත බලයට පත් වූ ලූලා ද සිල්වා හමුදාවට මැදිහත් වී නෙරපා හරින ලෙස ඉල්ලා සිටියේය. පසුගිය ඔක්තෝම්බර් මාසයේදී බොල්සොනාරෝට එරෙහිව ඔහු ජනාධිපතිවරණය ජයග්‍රහණය කළේය.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි