නවතම පුවත්

ආශුගේ පැමිණිල්ලට ආදර්ශා අත්අඩංගුවට

අසංක

අසංක

මහාචාර්ය ආශු මාරසිංහ විසින් කළ පැමිණිල්ලකට අනුව විමර්ශන පැවැත්වූ අපරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් කරදන ගමරාළලාගේ වගීෂා ආදර්ශාව අද (11) සවස අත්අඩංගුවට ගත්තේය.

ඇය විසින් සිය නීතීඥවරුන් මගින් අලුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප අයදුම ඊයේ ප්‍රතික්ෂේප විය.

පරිගණක අපරාධ කොට්ඨාශය හමුවට ඇය සිය නීතීඥවරයෙක් සමඟ අද පැමිණෙන්නේ ඒ අනුවය.

ඇය පෙරවරු 11.30 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමෙන් පසුව කළ දිර්ඝ ප්‍රශ්න කිරීමකින් අනතුරුව සවස 5.40ට පමණ අත්අඩංගුවට ගෙන තිබුණි.

රුපියල් කෝටි 10ක මුදලක් තමාගෙන් බලෙන් ලබාගැනීමට තැත්කරන බවට මහාචාර්ය ආශූ මාරසිංහ මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඇයට එරෙහිව පැමිණීල්ල කර තිබේ. එම මුදල ලබානොදුනහොත් ඇය සතුව ඇති වීඩියෝවක් ප්‍රසිද්ධකරන බවට ඇය විසින් තමාට තර්ජනය කළ බවද ආශු මාරසිංහ මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කර ඇති පැමිණිල්ලෙහි සඳහන්ය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා