නවතම පුවත්

ෆ්‍රැන්සිස් පාප් තුමා ඉවත් කිරිමේ කුමන්ත්‍රණයක් La Stampa හෙලි කරයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

හිටපු 16 වැනි බෙනඩික්ට් පාප් තුමාගේ අභාවයෙන් පසු, වතිකානුවේ කාදිනල්වරුන් පිරිසක් දැනට ධුරයේ සිටින ෆ්‍රැන්සිස් පාප් තුමාට ඉල්ලා අස්වන ලෙසට බලපෑම් කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බව නම හෙළි නොකළ පූජකයෙකු උපුටා දක්වමින් පුවත්පත වාර්තා කරයි.

රහසිගත කුමන්ත්‍රණයක් යැයි කියනු ලබන මෙම හෙළිදරව්ව එක්සත් රාජධානියේ ටැබ්ලොයිඩ් කිහිපයක් විසින්ද වාර්තා කර තිබේ.

එක්ස්ප්‍රස් සහ ඩේලිමේල් යන පුවත්පත් දෙකම සඳුදා මෙම කතාවේ අනුවාද පළ කළේ පෙර දින La Stampa හි පළ වූ ලිපියක් ගැන සඳහන් කරමිනි.

කෙසේ වෙතත්, මෙම කුමන්ත්‍රණකරුවන් සුළුතරයක් බැවින් ඔවුන්ට ෆ්‍රැන්සිස් පාප්තුමා දුර්වල කිරීමට සහ අනෙකුත් කාදිනල්වරුන් දිනාගැනීමට කාලය අවශ්‍ය වනු ඇති බව මූලාශ්‍රය පවසයි.

ඔවුන්ගේ ව්‍යාපාරය වඩාත් ගතානුගතික කතෝලිකයන් අතර, විශේෂයෙන් සමලිංගිකත්වය, ගබ්සාව සහ දික්කසාදය සම්බන්ධයෙන් මෙන්ම, එතුමන්ගේ අයහපත් සෞඛ්‍යය ගැන හුවා දක්වමින් අවධානය යොමුකර ඇත.

86 හැවිරිදි ෆ්‍රැන්සිස් පාප්තුමන් පසුගිය වසර පුරාවටම ශල්‍යකර්ම කිහිපයකට බඳුන් වූ අතර, මේ වනවිට එහා මෙහා යාමට රෝද පුටුවක් පවා භාවිත කරයි.

එතුමන්ගේ පූර්වගාමියා වූ 16 වැනි බෙනඩික්ට් පාප්තුමන් වර්ෂ 2013 පෙබරවාරි මාසයේදී ඉල්ලා අස්වීමේ අසාමාන්‍ය පියවරක් ගනු ලැබුවේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය නිසාය. එතුමන් පසුගිය මාසයේ අභාවප්‍රාප්ත විය.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි