සබරගමු පළාතේ නව ආණ්ඩුකාරවරයා ලෙස නවීන් දිසානායක මහතා ද ඌව පළාතේ නව ආණ්ඩුකාරවරයා ලෙස සුසන්ත පුංචිනිලමේ මහතා ද පත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි වාර්තා වේ.
සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා මේ වන විට සබරගමු පළාතේ බොහෝ දේශපාලඥයන්ගේ හා නිලධාරීන්ගේ විරෝධයට ලක් වන තීන්දු ගෙන ඇති බවට ද එසේම ඌව පළාත් ආණ්ඩුකාර මුසම්මිල් මහතා ද දැනෙන සේවයක් නොකරන බවට චෝදනා එල්ල වී ඇතැයි ද වාර්තා වේ.
නවීන් දිසානායක මහතාගේ මාමණ්ඩිය වන කරු ජයසූරිය මහතා මේ වන විට ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සමඟ සමීපව කටයුතු කරමින් පෙනී සිටී.