නවතම පුවත්

ගම්පොල බැංකුවක ATM යන්ත්‍රයක් පැහැරගෙන

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ගම්පොළ නගරයේ පිහිටි පෞද්ගලික බැංකුවක ඒ.ටී.එම්. යන්ත්‍ර පිහිටි කුටියට අද අලුයම කඩා වැදුණු සිව් දෙනෙකුගේ කොල්ල කල්ලියක් බැංකු ආරක්ෂක නිලධාරියාව පුටුවක තබා ගැට ගසා මුදල් තැන්පත් කිරීමේ යන්ත්‍රයක් පැහැරගෙන ගොස් තිබේ.

කේ.ඩී.එච්. වර්ගයේ වෑන් රථයකින් පැමිණි  මෙම කොල්ල කල්ලිය 10ක් වැනි කෙටි කාලයත් ඇතුලත මෙම කොල්ලය සිදුකර ඇත. මුදල් තැන්පත් කිරීමේ යන්ත්‍රය සොලවා එය සවිකර ඇති ඇණ ගලවා යන්ත්‍රය උස්සාගෙන ගොස් වෑන් රථයේ පටවාගෙන යමින් කොල්ලය  සිදුකර තිබේ.

මෙම යන්ත්‍රයේ තිබුණු තැන්පතු මුදල් ඊයේ උදෑසන ඉවත්කර ඇත. ඒ අනුව එම යන්ත්‍රය සොරා ගන්නා විට එහි තිබී ඇත්තේ ඊයේ දවස තුළ ගණුදෙනුකරුවන් තැන්පත් කළ මුදල් පමණක් බව විමර්ශන වලින් පෙනී ගිය බව ගම්පොළ පොලීසිය කියයි. ආරක්ෂක කැමරා දත්ත විමර්ශනය කරමින් කොල්ලකරුවන් ගමන් කළ වෑන් රථය හඹායමින් ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට පොලිස් විමර්ශන මේ වන විට ක්‍රියාත්මකය.

2000 වසරේදීද මෙවැනිම සොරකමක් සිදුව තිබුණු අතර එම සොරකම සිදුව තිබුණේ ඒ.ටී.එම්. යන්ත්‍රයක් පැහැර ගනිමිනි. ඒ.ටී.එම්. යන්ත්‍රය ලණුවකින් ගැටගසා  එහි කෙළවර ලොරි රථයක ගැටගසා යන්ත්‍රය කුටියෙන් පිටතට ඇද එම සොරකම සිදුකර තිබුණි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ ගැන කළ විමර්ශනයකින් අනතුරුව එම සොරකම සම්බන්ධ නයිජීරියානුවන් කිහිප දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබුණි.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි