නවතම පුවත්

කොරියා – ජපන් මුහුදේදී නැවක් ගිලෙයි

අසංක

අසංක

මැලේසියාවේ ක්ලැන්ග් වරායෙන් පිටත් වී දකුණු කොරියාවේ ඉන්චියොන් වරාය වෙත දියත්වූ දැව ප්‍රවාහනය කළ නෞකාවක් අද (25) අලුයම කොරියාව සහ ජපානය අතර මුහුදේ ගිලී අනතුරට පත්ව ඇත.

හොංකොං හි ලියාපදිංචි මෙම නෞකාව ජපානයේ නාගසාකි සිට කිලෝමීටර් 160 ක් (සැතපුම් 100 ක්) නිරිත දෙසින් සහ දකුණු කොරියාවේ ජෙජු දූපතට කිලෝමීටර් 150 ක් (සැතපුම් 93 ක්) දකුණින් ගිලී ගිය බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

මෙසේ අනතුරටපත් නෞකාවේ සිටි කාර්ය මණ්ඩලයේ විසි දෙදෙනාගෙන් 14 දෙනෙකු ජපාන සහ දකුණු කොරියානු වෙරළාරක්ෂක යාත්‍රා මගින් බේරා ගෙන ඇතත්, එසේ බේරාගත් 9 දෙනෙකු තවමත් සිහිසුන් තත්ත්වයෙන් ප්‍රතිකාර සඳහා යොමු කර ඇති බව කොරියානු බලධාරිහු පවසති.ප්‍රතිකාර සඳහා ඔවුන් ගුවන් මගින් ජපානයට රැගෙන ගොස් ඇත.
දකුණු කොරියානු සහ ජපාන වෙරළාරක්ෂක යාත්‍රා සහ ගුවන් යානා මෙන්ම වාණිජ භාණ්ඩ ප්‍රවාහන නෞකා දෙකක් අතුරුදන් වූ කාර්ය මණ්ඩල සාමාජිකයින් අට දෙනා සෙවීමේ කටයුතු අඛණ්ඩව සිදු කරයි.
ටොන් 6,551ක් බරැති ජින් ටියැන් නෞකාව රාත්‍රී 11.15ට පමණ ආපදා ඇමතුමක් එවා පැය තුනහමාරකට පමණ පසු ගිලී ඇත.

දකුණු කොරියානු සහ ජපාන නිලධාරීන්ට අනුව, කාර්ය මණ්ඩලයේ 14 දෙනෙකු චීන ජාතිකයින් වන අතර 8 දෙනෙකු මියන්මාරයෙන් පැමිණ ඇත. සමුද්‍රීය ප්‍රවාහන වෙබ් අඩවි වලට අනුව, යාත්‍රාව දෙසැම්බර් 3 වන දින මැලේසියාවේ ක්ලැන්ග් වරායෙන් පිටත් වී දකුණු කොරියාවේ ඉන්චියොන් වරාය වෙත දියත්ව තිබිණි.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!