නවතම පුවත්

නිදහස නිමිත්තෙන් අලුත් ප්‍රතිපත්ති හා නීති සැලසුම් කෙරේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

09 වන පාර්ලිමේන්තුවේ 03 වන සැසිවාරය අද (27) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කිරීමට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් නිකුත් කර ඇත.

ඊට අනුව 09 වන පාර්ලිමේන්තුවේ 04වන සැසිවාරය එළඹෙන පෙබරවාරි 08 වන දින පෙ.ව 10.00ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත වීමට නියමිතය.

මෙවැනි සැසිවාර අවසන් කිරීමකින් අනතුරුව යළි නව සැසිවාරයකට පාර්ලිමේන්තුව ආරම්භ කිරීමේදී ජනාධිපතිවරයා විසින් සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම සාම්ප්‍රදායිකව සිදුවෙයි.

ඒ අනුව 75වන නිදහස් දින සැමරුමත් සමග රට තුළ ක්‍රියාත්මක කිරීමට යෝජිත නව ප්‍රතිපත්ති, නව නීති හා පනත් සහ 2023-2048 කාලසීමාවේ නිදහසේ සියවස් සැමරුම දක්වා රටේ උන්නතිය වෙනුවෙන් පක්ෂ, පාට, ජාති භේදයකින් තොරව අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළ යුතු වැඩපිළිවෙල පිළිබඳ එම ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා