නවතම පුවත්

හොර ඔප්පු හදා එජාප මහලේකම්ට ඉඩමක් විකුණූ අයකු අත්අඩංගුවට

අසංක

අසංක

එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගෙ බණ්ඩාර මහතාට පුත්තලම මදුරන්කුලිය උණාවේලි වත්තේ ඉඩමක් ව්‍යාජ ඔප්පු සකස්කර අලෙවි කිරීමකට සම්බන්ධ තවත් සැකකරුවෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණීජ අපරාධ විමර්ශන අංශය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.

පුත්තලම කොන්තන්තිවු සිනනපාඩුවේ පදිංචිකරුවෙක් වන ග්‍රේබ්‍රියල් ප්‍රනාන්දු (60) නැමැති අයව මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

උණාවේලි වත්තේ අක්කර 05 බැගින් වූ කොටස් තුනක් සඳහා ව්‍යාජ ඔප්පු සකස්කර රංගෙ බණ්ඩාර මහතාට අලෙවි කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ ගැන රංගෙ බණ්ඩාර මහතා විසින් කළ පැමිණිල්ලකට අනුව විමර්හන පවත්වා මුලින්ම පසුගිය වසරේ නොවැම්බර් 30 වෙනිදා සින්නපාඩුවේ පදිංචි පුද්ගලයෙකුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත්තේය.

අනතුරුව දෙසැම්බර් 21 වෙනිදා මෙම වංචාවට සම්බන්ධ මධ්‍යම පරිසර අධිකාරියේ විශ්‍රාමික නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයෙක්වද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත්තේය. ඔහු මාලඹේ පදිංචිකරුවෙකි.

රංගෙ බණ්ඩාර මහතාට මෙම ඉඩම විකිණිමට පෙර මෙම ඉඩමෙන් අක්කර විස්සක් සඳහා ව්‍යාජ ඔප්පු සකස් කර පෞද්ගලික බැංකුවකට උකස්කර ලක්ෂ 47ක මුදලක් ද වංචාවෙන් ලබාගෙන ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිය විමර්ශනවලින් හෙළිකරගෙන තිබුණි. එම ඉඩමෙන් මෙසේ අක්කර 15ක කොටසක් ව්‍යාජ ඔප්පුවක් සකස්කර අලෙවිකර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි