නවතම පුවත්

උතුරට නව ආර්ථික සැලැස්මක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

රජයේ ප්‍රතිපත්තිය සංහිඳියාව, සංවර්ධනය සහ සංස්කෘතිය බවත්, වැටී ඇති රට ගොඩනැඟීමට අලුත් බලාපොරොත්තුවකින් සියලු ජන කොටස් සහෝදරත්වයෙන් අත්වැල් බැඳ ගත යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

සිංහල දෙමළ නායක සුසංයෝගකින් රට වේගයෙන් ඉදිරියට ගෙන යා හැකි බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ. ඉන්දීය රජයේ ආධාර මත රුපියල් කෝටි 1350ක වියදමින් යාපනයේ ඉදි කළ “සංස්කෘතික මහමැදුර” විවෘත කිරීමේ උත්සවයට එක් වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා.

75 වන නිදහස් සංවත්සරය කොළඹ පමණක් නොව යාපනයේදීත් සැමරීමට තීරණය කළ බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී පැවසුවේ.

මේ අතර උතුරු පළාතේ දේශපාලන නියෝජිතයින් සහ විද්වතුන් පිරිසක් සමඟ ජනාධිපතිවරයා යාපනයේදී සාකච්ඡාවක් පැවැත්වුවා. එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේ සංහිදියාවෙන් පමණක් ආර්ථිකය ගොඩ නැගිය නොහැකි බවයි. රටේ ආර්ථික සංවර්ධන වේගය රඳා පවතින්නේ ජනතාවගේ ආකල්ප සහ කැපවීම මත බවද ජනාධිපතිවරයා එහිදී පැවසුවා

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා