නකල්ස් කඳු නගින්න ගිහින් අතරමං වූ පිරිස මුදාගනී

Picture of අසංක

අසංක

නකල්ස් රක්ෂිතයේ ගැරඬිගල කන්ද තරණය කිරීමට ගොස් ඊයේ (18) සිට අතරමංව සිටි තරුණ තරුණියන් 31 දෙනෙකු නිරුපද්‍රිතව මුදා ගැනීමට පොලීසිය, හමුදාව සහ වන සංරක්ෂණ නිලධාරීන් විසින් කළ සෝදිසියකින් අනතුරුව අද (19) සවස සමත්විය.

මෙම තරුණ තරුණියන් පිරිස රක්ෂිතයේ අතරමංවී ඇත්තේ අධික වර්ෂාව සහ මීදුම හේතුවෙන් මග වැරදී යාමෙනි.

මේ ගැන උඩුදුම්බර පොලීසියට ලද තොරතුරකට අනුව ඔවුන්ව මුදා ගැනීමේ ඒකාබද්ධ මෙහෙයුම දියත්ව ඇත.

පැය 24ක මෙහෙයුමකින් අනතුරුව මෙම පිරිස අද සවස මුදා ගෙන ඇති අතර ඔවුන් හෝමාගම, මහනුවර, කොළඹ, ගාල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය.