නවතම පුවත්
පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඉන්දීය උසස් ගුවන් විධාන පාඨමාලාවේ ගෲප් කපිතාන් යුනුස් සයිඩ් මුසාෆර් මහතාගේ නායකත්වයෙන් යුත් ඉන්දීය සන්නද්ධ හමුදා නිලධාරීන් 19 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් උපාය මාර්ගික අධ්‍යයන චාරිකාවේ කොටසක් ලෙස ශ්‍රී ලංකාවේ මෙම මස 20 වැනිදා සිට 24 වැනිදා දක්වා විවිධ ක්‍රියාකාරකම්වල නිරත වෙමින් සිටියි.

මෙම සංචාරය ජ්‍යෙෂ්ඨ ආරක්ෂක ධූරාවලිය සමඟ අන්තර්ක්‍රියා කිරීම මෙන්ම පුහුණුලාභීන්ගේ දැක්ම පුළුල් කිරීම සඳහා හමුදා ආයතන සහ කාර්මික සංවිධාන සමඟ කටයුතු කිරීමට නියමිතය.

එම නියෝජිත කණ්ඩායම බත්තරමුල්ලේ පිහිටි ස්මාරකයේදී ඉන්දීය සාම සාධක හමුදාවේ දිවි පිදූ රණවිරුවන්ට ගෞරව දැක්වීමෙන් අනතුරුව ඉන්දීය මහ කොමසාරිස්, එච්. ඊ. ගෝපාල් බග්ලේ, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ එයාර් මාර්ෂල් එස්.කේ පතිරණ සමඟ අදහස් හුවමාරු කර ගැනීමින් සංචාරය ඇරඹිය.

ඉන්දීය කණ්ඩායම ගාල්ල, හම්බන්තොට, දියතලාව, මහනුවර සහ කටුනායක යන ප්‍රදේශවල සංචාරය කිරීමට ද නියමිත අතර ශ්‍රී ලංකාව පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා ගැනීම සඳහා විවිධ ආයතන සමඟ කටයුතු කිරීමට ද නියමිතය.

ඉන්දියාවේ ‘අසල්වැසි ප්‍රථම‘ ප්‍රතිපත්තිය ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ සන්නද්ධ හමුදා අතර ආයතනික සම්බන්ධතා ප්‍රවර්ධනය කිරීමට උත්සාහ කරයි.

මෙවැනි චාරිකා සුහදතාවය ශක්තිමත් කිරීමට සහ කලාපීය සාමය, ආරක්ෂාව සහ ස්ථාවරත්වය ළඟා කරගැනීම සඳහා ජනතාව සම්බන්ධ කර ගැනීම වැඩිදියුණු කිරීමට උපකාරී වේ.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි