මෙවර යල කන්නය සඳහා ගොවීන්ට නොමිලේ ලබා දෙන මඩ පොහොර ප්‍රමාණයෙන් 25% පමණ මේ වනවිට බෙදා අවසන් බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.
ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර, යාපනය, කිලිනොච්චිය සහ වව්නියාව යන දිස්ත්‍රික්කවලට එම මඩ පොහොර බෙදා දී තිබේ.
ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා මෙම මඩ පොහොර ගොවීන්ට ලබාගත හැකි බව අමාත්‍යාංශ ලේකම් ලේකම් ගුණදාස සමරසිංහ මහතා පැවසීය.
මේ අතර යූරියා පොහොර මෙට්‍රික්ටොන් 35,000 ක පමණ ප්‍රමාණයක් දැනට මෙරට පවතින බවත් මෙට්‍රික්ටොන් 30,000 ක පමණ ප්‍රමාණයක් ඇණවුම් කර ඇති බවත් හෙතම කියා සිටියේය.