ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර මගී යාත්‍රා සේවාව අප්‍රේල් මස 29 වන දින සිට ආරම්භ කරන බව වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍යංශය පවසයි.
ඉන්දියාවේ පණ්ඩිචේරි කරියක්කාල් වරායේ සිට කන්කසන්තුර වරාය දක්වා එම සේවාව ක්‍රියාත්මක කිරීමට නියමිතය.
මෙම මගී යාත්‍රා සේවාව ආරම්භ කිරිම සඳහා කන්කසන්තුර වරායේ යටිතල පහසුකම් දියුණු කිරීමේ කටයුතු ආරම්භ කර ඇති අතර නව මගී පර්යන්තය නාවික හමුදාවේ සහයෝගයෙන් ඉදිකරන බව අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා සඳහන් කළේය.
මෙම මගී සේවාව ආරම්භ කිරීමත් සමඟම එක් යාත්‍රාවක වරකට මගීන් 150 දෙනෙකුට පමණ ගමන් කළ හැකි අතර අදාළ ගමනාන්තය සඳහා පැය 4ක කාලයක් වැයවනු ඇත.
මෙහිදී අවධානය යොමුව ඇත්තේ, එක් ගමන් වාරයක් සඳහා මගියෙකුගෙන් ඩොලර් 50ක් අය කිරීමට වන අතර, එක් මගියෙකුට කිලෝ 100ක භාණ්ඩ රැගෙන යාමටය.
ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ සිටින ඕනෑම ව්‍යාපාරිකයෙකුට මෙම මගී යාත්‍රා සේවාවට සම්බන්ධ විය හැකි බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කළේය.