නව වෙළෙද ලකුණක් හඳුන්වා දෙමින් අමාමි සන්නාමය සේවා ව්‍යාප්ත කරයි

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

සංචාරක හෝටල් සේවා සඳහා පිරිසිදු හා සුවඳකාරක කට්ටල (Amenity Kit) නිෂ්පාදනය සහ සැපැයුම්කරණය ශ්රී ලංකාවේ ප්‍රථම වරට ඇරඹූ රන්යන් ඉන්ඩස්ටී්රස් නිර්මාතෘ රනිල් ද සිල්වා මහතා ඇරැඹූ අමාමී සන්නාමයට අයත් නිෂ්පාදන නව වෙළෙඳ ලකුණකින් (New Logo) වෙළෙදපොළට හඳුන්වා දෙන ලදී. රන්යන් ඉන්ඩස්ටී්රස් නව සභාපතිනි හර්ෂලා ද සිල්වා මහත්මියගේ මූලිකත්වයෙන් මෙම නව සන්නාමකරණ වැඩසටහන දියත් කරන ලදී. කොරෝනා වසංගතයෙන් පසු පිබිදෙන සංචාරක ක්ෂේත්රයේ සිය නිෂ්පාදන ව්යාප්ත කිරීම ඇයගේ අරමුණයි. අසූව දශකයේදී ලංකා ඔබරෝයි හෝටලයට එයා ෆ්රෙෂ්නර් සුවඳ කැට සහිත පළමු නිෂ්පාදන පෙළ අලෙවි කර ඇරැඹූ අමාමි ව්යාපාරය වර්තමානයේදී එයාර් ෆ්රෙෂ්නර්, ෂැම්පු, ෂවර් ජෙල්, ටූත්පේස්ට්, ග්ලිසරින් සබන් කැට, සියලුම සේදුම්කාරක, ආයුර්වේද හා ස්වභාවික ශාකසාර නිෂ්පාදන රැසක් නිපදවයි.

ව්‍යවසායකයෙකු ලෙස දුෂ්කර ගමනකින් පසු අද සාර්ථකත්වය සනිටුහන් කළ රනිල් ද සිල්වා මහතාගේ නිරන්තර මග පෙන්වීම හා උපදේශනය යටතේ හර්ෂලා ද සිල්වා මහත්මිය (0777576639) වර්තමානයේ රන්යන් ඉන්ඩස්ටී්රස් සමාගමට නායකත්වය සපයමින් ව්‍යවසායිකාවක ලෙස සාර්ථක ඉදිරි ගමනක නිරත වෙයි. සංචාරකයන්ගෙන්ද ඉහළ ප්රතිචාර ලැබී ඇති අමාමි නිෂ්පාදන ජෙට්වින්, රමාඩා, ගෝල්ෆේස් ආදී ශ්රී ලංකාවේ ප්රමුඛ පෙළේ හෝටල් රැසකට සපයයි.

“පුංචි කාලෙ ඉඳන් තාත්තා මේ ව්යාපාරය ඉහළට ගන්න මහන්සි වුණ විදිය අපි දැක්කා. මුල්ම කාලේ ගෙදර වෙනම කාමරයක තමයි නිෂ්පාදන කටයුතු පටන් ගත්තේ. වසර 30ක් සපිරෙද්දී අපට විශාල කර්මාන්ත ශාලාවක් ඇරඹීමට හැකි වුණේ අපේ ව්යාපාරික පවුලේත් ආදරණීය සේවක මණ්ඩලයේත් කැපවීම නිසයි. මේ සෑම දෙයකටම මාගේ පියා රනිල් ද සිල්වාගෙන්, මව වෛද්ය ප්රියානි ද සිල්වාගෙන්, සැමියාගෙන් සහ සොහොයුරාගෙන් ලැබෙන්නේ විශාල සහයෝගයක්. කොරෝනා සමයේදී සේවකයන් කප්පාදු නොකර රැක බලා ගැනීමට අපට පුළුවන් වුනා. අපේ ආයතනයේ සියයට පනහකට ආසන්න පිරිසක් කාන්තාවන් වීමත් සුවිශේෂත්වයක්. මෙරට සංචාරක කර්මාන්තයට ඉහළ දායකත්වයක් සැපයීම මගේ බලාපොරොත්තුවයි.” හර්ෂලා ද සිල්වා මහත්මිය පැවසීය.